රජයේ සේවකයන් දින2ක් නිවසේ සිට වැඩකරන්න ඉල්ලයි


(යොහාන් භාසුර)

රට තුළ පවතින තත්වය අනුව රජයේ සේවකයන්ට අද සහ හෙට (30 සහ 31) නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.  

ජනතාවට ඉදිරි දින කිහිපයේ අසීරු තත්වයෙන් ජීවත්වීමට සිදුවන බව කී ජනක රත්නායක මහතා විදුලි අර්බුදයට හේතුව ආර්ථික අර්බුදය බව ද සඳහන් කළේය.

විදුලි අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍යව තිබූ පියවර කිසිඳු ආයතනයකින් ගෙන නොමැති වීම තත්වය උග්‍රවීමට හේතු වී ඇති බව ද ඒ මහතා කීය.