පෙබරවාරි මාසයේ සිට රජයේ සේවක වැටුප රුපියල් 5000කින් වැඩි කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
අයවැයට සවන් දීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2500කින් වැඩි කරීමට සලකා බලන ලෙස මුදල් ඇමති හාම්පුතුන්ගෙන් ඉල්ලයි.
අප්‍රේල් මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් දහසක් එකතු වේ.
සමෘද්ධි දීමනාව සියයට 200කින් වැඩි කෙරේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු (උපරිමය ලක්ෂ 10) සඳහා පොලිසිය සියයට 15 දක්වා වැඩි කෙරේ.
ගොවි ණය රුපියල් ලක්ෂය දක්වා සියයට 50ක් කපා හැරේ.
සහල් කිලෝවේ සහතින මිල රුපියල් 50 දක්වා වැඩි කෙරේ. අර්තාපල් කිලෝවේ සහතික මිල රුපියල් 80 දක්වා ද, තේදළු කිලෝවේ රුපියල් 80, රබර් කිලෝව රුපියල් 350ක් වාද වැඩි කෙරේ.
කිරි ලීටරය රුපියල් 70 දක්වා වැඩිවේ.
අත්ට්‍රැක්ටර් සහන මිලට
පොහොර සහනාධාරය දිගටම
භූමිතෙල් ලීරයක මිල රුපියල් හයකින් අඩු කරේ. ඒ අනුව ලීටරයක මිල රුපියල් 59කි.

