(බිඟුන් මේනක ගමගේ )
රජයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේදී සම්පත් දායකයක් හැටියට අදාළ විෂයේ ප්‍රාමාණික දැනුමක් ඇති රාජ්‍ය නිලධාරින් ජනමාධ්‍ය ආයතනවලට සම්බන්ධ කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.
සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වඩාත් නිවැරැදි හා විශ්වසනීය තොරතුරු මහජනයාට සන්නිවේදනය කිරීමේ අරමුණෙන් ජනමාධ්‍යවේදීන් රැසක් විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම කටයුත්ත සිදු කරන බව ගුණවර්ධන මහතා කීය.
රජය සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වනවිට ක්‍රියාවට නගා ඇති නමුත් ඒ බොහෝමයක් සම්බන්ධයෙන් දුර්මත පැතිර ඇති බව කී හෙතෙම ඊට හේතු වී ඇත්තේ දේශපාලනික පදනමින් කරන විවේචන බව කීවේය.
ඒ අනුව නව ක්‍රමවේදය මගින් දත්ත හා කරුණු ඇතුළත් සවිස්තරාමක සන්නිවේදනයට මග විවර වනු ඇති බව ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

