රජයේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට


(අංජුල මහික වීරරත්න)

2025 දෙවන කාර්තුව සඳහා වන රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 53 (1) වගන්තිය අනුව, අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ වියදම් ඇතුළු මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශයක් කාර්තුව අවසන් වී දින 45 කට නොඅඩු කාලයක් තුළ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය. 

ඒ අනුව, 2025 වාර්ෂික අයවැය ඇස්තමේන්තු වල දක්වා ඇති වර්ගීකරණයන් පදනම් කර ගනිමින් 2025 -06-30 දිනෙන් අවසන් වන දෙවන කාර්තුව දක්වා සියලුම විශේෂ වියදම් ඒකක, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් වාර්තා කරන ලද සමුච්චිත ආදායම් සහ වියදම් ඇතුළත්ව සකස් කරනු ලැබ ඇති මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ වාර්තාව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති විසින් ඉදිරිපත් කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් එම වාර්තාව සැලකිල්ලට ගන්නා ලදී.