මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුවෙන් ඉවත් කැරුණු රජයේ නීතීඥ දිලීප පීරිස් මහතාට යළි එම නඩු කටයුතුවලට සහභාගී වන ලෙස දැනුම් දී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි කියයි.
පීරිස් මහතා මෙම නඩුවෙන් ඉවත් කර ඇතැයි එසැණ වාර්තා කළේය.
ඉන් පසු අද රාත්‍රී නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ඔහුට දැනුම් දී ඇත්තේ නඩු කටයුතුවලට දිගටම සහභාගී වන ලෙසයි.
එක්නැලිගොඩ නඩුවෙන් දිලීප පීරිස් ඉවතට?
2016 පෙබරවාරි මස 08 21:18:35 | තරිඳු ජයවර්ධන
මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතීඥ දිලීප පීරිස් මහතා එම නඩුවෙන් ඉවත් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි කියයි.
ඔහු ඉවත් කිරීමේ වෑයමක් ඇතැයි ද, එය නවත්වන්නැයි ද කියමින් පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන සහ නීතීඥවරු පසුගිය දා ඉල්ලීමක් ද කළහ.
එක්නැලිගොඩ නඩුව අඟහරුවාදා (09) නැවත කැඳවීමට නියමිතය.

