රජයෙන් මාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහයක්


යහපත් මාධ්‍ය සංස්කෘතියක් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් කෙටුම්පත් කර ඇතැයි ද ලබන සැප්තැම්බරයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේයැයි ද ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.

මෙම ආචාර්ය ධර්ම කෙටුම්පත පාර්ලිමේන්තු මාධ්‍ය තේරීම් කාරක සභාවට හා දේශපාලන පක්ෂ වෙත යොමු කර යෝජනා හා සංශෝධන බලා පොරාත්තු වන බවත් ඇමැති සඳහන් කරයි.

‘අද මාධ්‍ය ක්‍රියා කරන ආකාරය පිළිබඳ ගැටළු රැසක් පවතිනවා.  රට ජාතියට සමාජයට මෙන්ම ආගමික වහයෙන් ගැටළු ඇති නොවන ආකාරයට මාධ්‍යය හැසිරිය යුතුයි. රටේ පොදු නීතියෙන් ඔබ්බට ගොස් ක්‍රියා කිරිමට මාධ්‍යයට හැකියාවක් නැහැ.‘