
කොරෝනා වයිරසයෙන් ශ්‍රී ලංකාවේ මේවනවිට ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් රජය විවිධ විධි විධාන ගනු ලැබූ බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතින ප්‍රකාශ අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඇඳිරි නීතිය පනවනු ලැබූ බවට සහ ඇතැම් ආයතන වසා දමා ඇති බවට පළ වන ප්‍රචාරය ද අසත්‍ය බව එම නිවේදනයේ දැක්වේ.
ඇතැම් පාර්ශ්වයන් විසින් මෙම අසත්‍ය පුවත් සමාජගත කරමින් සිටින බවද රජය සඳහන් කරයි.
මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී, මේ අවස්ථාවේ අවබෝධයෙන් කටයුතු කරන ලෙසත්, සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා රජයේ නිල නිවේදනය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසත් රජය ජනතාවට දැනුම් දෙයි.

