රජයට ගිය මන්ත්‍රීවරු යළි විපක්ෂයේ වාඩි වෙති


හබරාදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නාමල් ප්‍රියන්ත හා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අසෝක එදිරිවීර මහත්වරු තමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කලින් පැවසුව ද අද පැවති ප්‍රාදේශීය සභා රැස්වීමේ දී යළි විපක්ෂයේ අසුන් ගැනීමෙන් සභාව උණුසුම් විය. විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත මහතා කියා සිටියේ ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙපල විපක්ෂයේ අසුන්ගැනීම සම්ප්‍රදාය නොවන බවයි. තමන් එලෙස රජයට එක්නොවූ බව එම මන්ත්‍රීවරු දෙපළ කීහ. ඒ සමගම සභාව එකම ගාලගෝට්ටියක් වූ අතර විපක්ෂයේ චෝදනාව වූයේ මේ මන්ත්‍රීවරු දෙදෙනා වසරකට පෙර අය වැයට පක්ෂව ඡන්දය දෙමින් රජය සමග සිටි බවයි.