රජය වහාම ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් සිල් මාතාවක් අද 22 උදෑසන සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩට ඉදිරියේ සිට දළදා මාළිගාවට මුහුණලා සත්‍යග්‍රහයක නියැලී සිටින්නීය.
මෙම සිල් මාතාව කොතැන සිට මෙම ස්ථානයට වැඩම කළාදැයි කිසිවකු නොදන්නා අතර කිසිවක් කතා නොකරයි.
සත්‍යග්‍රහය කරන ස්ථානය අසල තබා ඇති දැන්වීමක සදහන් වන්නේ මෙම රජය වහාම ඉල්ලා අස්විය යුතු බවයි. අද උදේ සිට පවතින වැසි කාලගුණයද නොසලකා මෙම සිල් මාතාව සත්‍යග්‍රහයේ යෙදී සිටින්නීය.





