රජය සමග කතා බහට ටී එන් ඒ කැමතිලු


දකුණු අප්‍රිකාවේ විශේෂ නියෝජිත සිරිල් රමපෝෂා සහ දමෙළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී පැවැත්විණි.

පැය එක හමාරකට ආසන්න කාලයක් පැවැති මෙම හමුවේ දී ජාතික ගැටළුවට විසඳුම් ලබා ගැනීමට ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට කැමැති බව දෙමළ ජාතික සන්ධානය රමපෝෂාට දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් කියයි.

එම් ඒ සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරු ද මේ සාකච්ඡාවට එක්වූහ.