සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි විය.
එහි ගොඩබිම් ආරක්ෂණ කටයුතු සිවිල් ආරක්ෂක බළකායටත්, මුහුදු ආරක්ෂණ කටයුතු නාවික හමුදාවටත් පැවරීමට තීරණය වී ඇත.
නීතිපතිවරයාගේ නිර්දේශ අනුව මෙම යෝජනාව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.