සුනාමියෙන් වැනසී ගිය උතුරු නැගෙනහිර නිවාස ඉදිරි කිරීම සඳහා පිහිටැවු රාඩා හෙවත් ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සියේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී පැවසුයේ රජය තමාට මඩ ගැසිමේ ව්‍යාපාරයක් අරඹා ඇති බවයි.තමාගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කර ඇති බව දැන ගත්තේ ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනයකින් පසු බව ඔහු කියයි.
රාඩා ආයතනයෙන් කොන්ත්ත් ලබා නිවාස ඉදි නොකර රුපියල් ලක්ෂ 1470 ක් වංචා කළැයි සැකපිට ආනන්දි ශාන්ති කුමාර් හා ඇගේ පුත් ශාන්ති කුමාර් ගජන් කුමාර් ලබන 21 වැනිදා තෙක් කොටුව මහේස්ත්‍රාත් විසින් අද රිමාන්ඩ් කරනු ලැබුහ.


