රජය පරාජය කරන්න ජවිපෙ පිටපට ගහයි


මෙවර පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුව හංගන්න උත්සාහ කරන බවත්, දකුණු පළාතෙන් ආණ්ඩුව ඡන්ද 104000ක් අහිමි කරගෙන ඇති බවත්, සංවර්ධනයේ බොරුව ජනතාවට නොවැදගත් බව ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා බදුල්ලේ පැවැති 43 වැනි අප්‍රේල් විරු සමරු උළෙලේ දී මහතා පැවසීය.

 ‘මේ ආණ්ඩුව පසුබැස තියෙන්නේ දකුණෙන්. රට ණය කර සංවර්ධනය පෙන්වන සුදු අලි ව්‍යාපෘති වැඩිපුර තියෙන්නේ දකුණේ. ඒ සංවර්ධන ව්‍යාපෘතිවලින් හම්බන්තොට ජනතාවට ලැබුණු දෙයක් නැහැ. ජනතාව ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවා.

කොළඹ කියන්නේ මේ ආණ්ඩුවේ හදවත වගේ. ලස්සන කළේ කොළඹ. නමුත් ජනතාව බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඡන්ද ලක්ෂ එකහමාරකින් අඩු කර තිබෙනවා. මන්ත්‍රීකම් 12කින් පල්ලම් බස්වා තිබෙනවා. ඒ නිසා මේ පසුබෑම හංගන්න පුළුවන් කමක් නෑ.

දකුණෙන් බස්නාහිරින් ඇරඹූ ජවිපෙ ජයග්‍රහණයේ ගමන ඌව පළාතට ගෙනත් ඌව පළාතෙනුත් ඒ ප්‍රතිඵලයම ලබා දී ඊළඟට එන ඕනෑම මැතිවරණයක දී ආණ්ඩුව පරාජයට පත් කර නව සමාජයක් ගොඩ නැගිය හැකියි කියන විශ්වාසය අපට තිබෙනවා.‘