2014 වසර සඳහා වන අය වැය යෝජනා පරාජයට පත්වූ පළාත් පාලන ආයතන සංඛ්‍යාව දහය දක්වා ඉහළ ගොස් ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය යටතේ පවතින මැදවච්චිය, වත්තල, ඉඹුල්පේ, අලව්ව, රාජාංගනය, මීරිගම, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවන් ද කැස්බෑව, පෑලියගොඩ නගර සභාවන් සහ එක්සත් ජාතික පක්ෂය යටතේ පාලනය වන අවිස්සාවේල්ල සීතාවක පුර නගර සභාව මෙසේ අයවැය පරාද වූ පළාත් පාලන ආයතනයන්ය.
ඇඹිලිපිටිය සහ මීරිගම ප්‍රාදේශීය සභාවන්හි හා පෑලියගොඩ නගර සභාවේ අයවැය ලේඛනය දෙවතාවක් පරාජයට පත්වූ අතර 2012 සංශෝධිත පළාත් පාලන ආයතන පනත යටතේ ඒවායේ සභාපති වරුන්ගේ ධුර අහිමි වූ අතර ඒවායේ උප සභාපතිවරු මේ වන විට සභාපති ධුරයේ වැඩ ආවරණය කරති.