අම්පාර රජගලතැන්න පුද බිමේ ඇති පැරණි දාගැබෙහි සංරක්ෂණ කටයුතු අවසන් වෙමින් පවතින බවත් දාන ශාලාව සහ ගල් පාත්‍රය තිබූ ස්ථානයේත් සංරක්ෂණ කටයුතු නිමා වෙමින් පවතින බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා පවසයි.
රජගල තැන්නේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු ආරම්භකර දැනට වසර තුනක කාලයක් ගත වී තිබේ. මේවනවිට රජගලතැන්න කන්දට නැගිමට ඇති නැගෙනහිර ප්‍රධාන පෙත්මග, වැව, වැවට බැසීමට ඇති ගල් පඩිපෙළවල්, ශානිකා උපාසිකාවගේ ලෙන, ගල් උළුඅස්ස ඇති සිංහමුඛ ලෙන හා තවමත් හදුනා නොගත් ගොඩනැගිල්ලක් සංරක්ෂණය කැර තිබේ.
මහාචාර්ය කන්නන්ගර මහතා පවසන්නේ භික්ෂූන් වහන්සේලා ස්නානය කළ ජත්තාගරය හා ඒ ආසන්නයේ ඇති තවත් හදුනා නොගත් ස්ථානයක කැණීම් කටයුතු ආරම්භ කැර ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ ද මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, ආචාර්ය ඇලෙක්සැන්ඩර් යන මහත්වරු ද මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධව සිටිති. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී ඔෂාන් වෙදගේ මහතා, රජගලතැන්න ව්‍යාපෘති භාර නිලධාරී ආර්.එම්.පී.රත්නායක මහතා ඇතුළු පිරිසක් ද මීට දායක වෙති.










