රජගලතැන්නේ කැනීම් දිගටම


අම්පාර උහන ප්‍රාදේශිය ලේකමි කොටිඨාශයේ පිහිටා තිබෙන  ඓතිහසික රජගලතැන්න පුදබිමේ කැණිමි සහ සංරක්ෂණ කටයුතු පුරා විද්‍යා දෙපාර්මේන්තුවේ සහයෝගයෙන් සාර්ථකව සිදු කර ගෙන යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පී බී මණඩාවල මහතා කියයි.

ක්‍රිස්තු පූර්ව 119 පමන සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජතිස්ස කුමරු   මෙම   පුදබිම ඇරැඹූ බව මහා වංශයේ සඳහන් වෙතියි ඉතිහාසඥයෝ කියති.

  කැණිමි වලදි පළමුව රජගලතැන්න කන්දට නැගිමට ඇති නැගෙනහිර පෙත්මග සොයා එය සංරක්ෂනය කළේය. කන්ද මුදූනේ ඇති ආසනගරය , ගල් පාත්‍රය අසල ඉපැරූණි ගොඩනැගිල්ල ද සංරක්ෂණය කරමින් යන බව පුරාවිද්‍යාඥයෝ කියති.

2 5(1) 8 11 12(1) 15(1) 19(1) 20(1)