මහනුවර - බදුල්ල රජ මාවතේ කන්දහන්දිය, කැප්පෙටියාව ප්‍රදේශයේ දී අඩි තිහක් පමණ ගැඹුරැති උමගක් පිළිබඳ පරීක්ෂා කිරීම සදහා භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යංශයේ නිලධාරීහු අද (10) ස්ථානීය පරික්ෂාවක් සදහා පැමිණියහ.
උමග හමුවු ස්ථානයේ ජල සබඳතාව ලබාදීමට නියමිත ස්ථානයක් වන බැවින් අලවංගුවකින් හාරන විට සිය අලවංගුව ගැඹුරට ගිය බවත් එය තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී අඩි තිහක් පමණ ගැඹුරැති උමං මාර්ගයක් දුටු බව එම ස්ථානයේ වැඩ කරමින් සිටි ප්‍රදේශවාසීයකු වන ඩී.එම්.හේරත් බණ්ඩා (58) මහතා පැවසීය.
තමන් මෙන්ම ප්‍රදේශවාසීන් කිහිපදෙනකු මෙම උමගට බැස බැලූ බවත් එහි ගැඹුරට ගිය විට හරස් අතට ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබුණු බව ද එහි කිසිදු අපහසුවකින් තොරව අඩි දහසක පමණ දුර ගමන් කිරීමට හැකිවූ බව ද ඔහු කීවේය.
නමුත් දැඩි අඳුර, අධික රශ්මිය හා හුස්ම ගැනීමට ඇති අපහසුව හේතුවෙන් ගම්මාසින් එහි නොගිය බව ද ඔවුහු කීහ.
මෙම උමං මාර්ගය ස්වාභාවික නිර්මාණය වූවක් ද නැද්ද යන්න පිළිබදව ඉදිරියේදී පර්යේෂණයක් සිදු කිරීමට නියමිතය.