රජ චොක්ලටයට කුරුඳු ලංකාවෙන්


බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ හා කේට් කුමරියගේ පුතා ගේ බෞතීස්මයට ඉතාලියෙන් තෑගි කළ සුවිශේෂි චොක්ලට් තෑග්ගට ශ්‍රී ලංකාවේ දායකත්වයද එක් විය.

ඉතාලියේ රගූෂා දිස්ත්‍රික්කයේ බ්‍රිතාන්‍ය  ශාන්ත ජේම්ස් මාලිගාවට කෙළින්ම යැවුණු මොඩිකා චොක්ලට් තෑග්ග 1746 වට්ටෝරුවක් අනුව සැකැසිණි.

චොක්ලට් නිපදවීම පිළිබද  විශේෂඥයකු වන ඉඥ්ඥාසියෝ ලාකොනෝ මෙම චොක්ලට් අතින්ම නිපදවීමට ඉක්වදෝරයේ කොකෝවා ද ඉතාලියේ සිනී ද මැඩගස්කරයේ වැනිලා ද ශ්‍රී ලංකාවේ කුරුඳු ද එක්කර ගත්තේය.