රජ කාලේ කාසි තොගය අල්ලයි


මෙරට රජ සමයටද,   ඕලන්ද,  ලංදේසි යුගවලට අයත් ඉපැරණි කාසි  157 ක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික තරුණයෙකු කටුනායනදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.
වයස අවුරුදු  28 ක් වූ සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි රෙදිපිලි සහ ජංගම දුරකතන ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුට ගනු ලැබූ කාසි අතර විදේශීය පැරණි කාසි කිහිපයක්ද තිබණි.
මෙම කාසි හිතවත් පුද්ගලයෙකුගෙන්  ලබා ගත් බවත් ඉන්දියාවට ගෙන ගොස් විකිනීම සඳහා මෙසේ රැගෙන යාමට උත්සහ කළ බව සැකකරු රේගුවට පවසා ඇත.
‍මේ  පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්ෂනය යටතේ  සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ  ඒකකයේ   නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ  උපදෙස් මත රේගු අධිකාරී සී.විජේතුංග මහතාගේ මෙහෙයවීමෙන්  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන එස්.එම්.ඞී.එච් ධර්මසිරි, ජෙ.සී අබේවර්ධන, ඞී.එස්.පී තිලකරත්න, චූලා විජේසුන්දර සහ සහකාර රේගු අධිකාරී සහන් ජයසිංහ යන නිලධාරීහු සිදු කරති.
‍මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.එස්.කේ දි සිල්වා මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබුනි.