රග්බි කී‍්‍රඩාවේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමය වසරකට රුපියල් මිලියන 75 ක පමණ මුදලක් වැය කරන බවත් මේ වන විට ශ්‍රී ලංකාවෙන් 90% පමණ ප‍්‍රදේශයක රග්බි ක‍්‍රීඩාව ව්‍යාප්ත කර ඇති බවත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පවසයි.
මෙම වසරේ රග්බි කාලසටහන සහ ආසියානු දෙවැනි කොටසේ රග්බි තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරිම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී රග්බි සභාපතිවරයා මෙසේ ද පැවසීය.
‘‘මෙවර කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියට පෙර දේශිය තරගාවලි දෙකක් කොළඹ සහ නුවරඑළිය යන ප‍්‍රදේශවල පැවැත්වීමට සැළසුම්කර තිබෙනවා. ඒ වගේම උතුර, නැගෙනහිර ප‍්‍රදේශවල රග්බි ක‍්‍රීඩාව දියුණු කරන්නත් අපි පියවර ගන්නවා’’
කොළඹ තරගාවලිය ජූනි මස 15 සහ 16 දෙදින ද, නුවරඑළිය තරගාවලිය ජූනි මස 29 සහ 30 දෙදින ද පැවැත්වීමට නියමිතය.
මෙවර අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය නොවැම්බර් මස 8 වැනිදා ආරම්භ වන අතර ජනවාරි මස 12 වැනිදා අවසන් වීමට නියමිතය. දෙවැනි වටය ජනවාරි මස 17 වැනිදා ආරම්භ වී මාර්තු මස 16 වැනිදා අවසන් වේ.
මෙම වසරේදී ශ්‍රී ලංකා රග්බි පිල සත් සාමාජික රග්බි තරගාවලි හතරකට සහභාගි විමට නියමිතය.
ඩයලොග් ආයතනයේ ජ්‍යෙෂ්ඨ අළෙවි කළමණාකරු රිස්වි ෆාරුක් මහතා විසින් ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් පිරිනමන ලද අවස්ථාව. ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලේකම් රිස්වි ඉල්ලියාස්, ප‍්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණරත්න (වමේ), උප සභාපති ලසිත ගුණරත්න සහ භාණ්ඩාගාරික කිරාන් අතපත්තු (දකුණේ) යන මහත්වරු ද මෙහි වෙති.