කොන්දේසි කීපයක් මත පාසල් රග්බි තරග විනිශ්චය කිරීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය කැමැත්ත පළ කර තිබේ. ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහ රග්බි විනිසුරු සංගමයේ නිලධාරීන් අතර ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡවේදී රග්බි විනිසුරුවරු මෙම තීරණයට පැමිණ තිබේ.
කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර සී. ආර්. පිටියේදී මේ මස 1 වැනිදා පැවැති තරගය අවසානයේ විනිසුරුවන්ට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් එම පාසල් දෙකේ සහ ඉසිපතන විදුහලේ රග්බි තරග විනිශ්චය නොකිරීමට විනිසුරු සංගය තීරණය කළේය. පේ‍්‍රක්‍ෂකයන් නොමැතිව තරග පවත්වන්නේ නම් පමණක් සේවය සපයන බවට විනිසුරු සංගමය තීරණය කළද පේ‍්‍රක්‍ෂකයන් නොමැතිව තරග පැවැත්වීමට පාසල් එකඟ නොවීම නිසා පාසල් රග්බි තරග කල්දැමීමට සිදුවිය.
ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර සහ පාසල් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න සහ රග්බි විනිසුරු සංගමයේ සභාපති ඕවිල් ප‍්‍රනාන්දු යන මහත්වරුන් අතර පෙරේදා (11) පැවැති සාකච්ඡුාවේදී මෙම කොන්දේසිවලට එකඟ වී තිබේ.
මේ පිළිබඳව කළ විමසුමකදී පාසල් රග්බි සංගමයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ අදාළ කොන්දේසි සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් තම සංගමය දැනුම්වත් කරනු ලැබ ඇති බවයි. ශ්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය අතර අද (13) පැවැත්වෙන විශේෂ සාකච්ඡුාවෙන් පසුව තරග පැවැත්වෙන දින තීරණය කෙරේ.
”තරගයක් පිළිබඳව ප‍්‍රශ්නයක් තිබේ නම් ස්වාධීන ක‍්‍රීඩාංගණයක පවැත්වීමේ හැකියාවත් අපිට තියෙනවා. ඒ වගේම ශාන්ත ජෝශප් සහ ධර්මරාජ යන විදුහල්වල කණ්ඩායම් බාර ආචාර්යවරුන් පිළිබඳව මේ වන විටත් අපි පියවර ගෙන තිබෙනවා” යැයිද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටු නිලධාරියකු පැවසුවේ විනිසුරුවන් ලෙස තම සාමාජිකයන්ට කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා එක`ගවීම නිසා තරග විනිශ්චය කිරීමට එක`ග වූ බවයි.
රග්බි විනිසුරුවරුන්ගේ කොන්දේසි
- ධර්මරාජ සහ ශාන්ත ජෝශප් යන විදුහල් දෙකේ රග්බි කී‍්‍රඩාව බාර ආචාර්යවරුන් සහ ධර්මරාජ විදුහලේ පුහුණුකරු පිළිබඳ අන්තර්ජාතික නීති රීති වලට අනුව පරීක්‍ෂණයක් පවත්වා පියවර ගැනීම
- කිසියම් තරගයක විනිසුරුවන්ට පහරදීමක් සිදුවුවහොත් පාසල් දෙකම තහනම් කිරීම
- බීමත් පුද්ගලයන් ක‍්‍රීඩාංගණයට ඇතුළත් නොකිරීම
- ආරක්‍ෂාව සහිත ක‍්‍රීඩාංගණවල පමණක් තරග පැවැත්වීම
- ක‍්‍රීඩාංගණයේ ආරක්‍ෂාව ප‍්‍රමාණවත් නොවේ නම් තරගයෙන් ඉවත්වීම අවස්ථාව විනිසුරුවන්ට තිබීම

