වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග දෙකක් විනිශ්චය කළ රග්බි විනිසුරුවරුන් දෙදෙනකුට එරෙහිව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටුවට පැමිණිලි කිරීමට පාසල් බලධාරීහු පියවර ගෙන තිබේ.
මේ වන විට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇති රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර තරගයේ විනිසුරු ලෙස ප‍්‍රදීප් ප‍්‍රනාන්දු මහතා කටයුතු කළ අතර කළහකාරි තත්ත්වයක් ඇති වූයේ යැයි කියන ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ශාන්ත පීතර විදුහල අතර තරගයේ විනිසුරු ලෙස ගාමිණි ඉන්ද්‍රසිරි මහතා කටයුතු කළේය.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී රග්බි විනිසුරුවන්ගේ සංගමයේ නිලධාරියකු පැවසුවේ මෙම විනිසුරුවන් පිළිබඳව පාසල්වලින් පැමිළිණි කර ඇති බවත් ඒ පිළිබඳව විධායක කමිටුව විසින් තීරණයක් ගනු ලබන බවත්ය.