රග්බි විනිසුරු කප්ලන්ගේ විශේෂ දේශනය හෙට


ලෝක රග්බි පිටියේ කීර්තිමත් රග්බි විනිසුරුවකු වන දකුණු අප‍්‍රිකානු ජාතික ජොනතන් කප්ලන් මහතා මෙහෙයවන විශේෂ රග්බි විනිසුරු දේශනය හෙට (06) පස්වරු 4.00 සිට ටොරින්ටන්හි ඔලිම්පික් නිවසේදී පැවැත්වේ.

ජොනතන් කප්ලන් මහතා අන්තර්ජාතික රග්බි සංගමයේ විනිසුරුවන්ගේ උපදේශකයකු ලෙස කටයුතු කරන අතර ඒ මහතා 1999, 2003 සහ 2007 වසරවල පැවැති රග්බි ලෝක කුසලාන තරගාවලිවල විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබේ.

මෙම දේශනයට සහභාගි වීම සඳහා ක‍්‍රීඩා සමාජ නියෝජිතයන්, විනිසුරුවන් ඇතුළු විශාල පිරිසක් ආරාධනා ලබා සිටින අතර එහිදී කප්ලන් මහතාගෙන් ගැටලූවලට පිළිතුරු ලබාගැනීමේ අවස්ථාව ද තිබේ.