පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ධර්මරාජ විදුහල සමත් විය. මහනුවර ත‍්‍රිත්ව විදුහලට අනු ශූරතාව හිමිවිය.
ධර්මරාජ විදුහල වයස 20 න් පහළ ලීග් රග්බි ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර ධර්මරාජ විදුහල වසර 10 කට වැඩි කාලයක් ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි.
ධර්මරාජ විදුහල මේ වන විට තරග 8 කදී ජයග‍්‍රහණ 7 ක් සහ එක විසඳුමකින් තොර තරගයක් සමගින් ප‍්‍රසාද ලකුණු 39.5 ක් ලබා අපරාජිතව සිටියි.
ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ඉසිපතන විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා (22) පැවැති තරගයෙන් ත‍්‍රිත්ව විදුහල පරාජයට පත්වීමත් සමග (17.20) ධර්මරාජ විදුහලට තරගයක් ඉතිරිව තිබියදී ශූරතාව හිමිවිය.
ධර්මරාජ විදුහල සහභාගි වන නවවැනි සහ අවසන් තරගය මේ මස 28 වැනිදා කොළඹ රාජකීය විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය.