රක්ෂණ නියෝජිතයාට රක්ෂණය නැතිවේ


මව්පියන් හොඳට අඳුනන බව පෙන්වා දහසය හැවිදිරි පිරිමි දරුවකු ගෙදර ඇරලවන මුවාවෙන් යතුරු පැදියක නංවාගෙන පිළියන්දල ගඟබඩ පැත්තේ අතුරුපාරවල්වල ගොස් අන්තිමට ඔහුගේ ගෙදරදී පරිගණකයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා ඔහුට අතවර කළැයි කියන රක්ෂණ සමාගමක නියෝජිතයෙක් පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

තනියම ගමන් යන දරු දැරියන් නාඳුනන පුද්ගලයන් සමග නොයා යුතු බවත්, එසේ ගිය හොත් බරපතල සිද්ධිවලට මුහුණ පා හැකි බවත් පොලීසිය අනතුරු අඟවයි.