කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ගබඩා කර තිබූ අවි කුලී පදනම මත රජයේ හමුදාවලින් ලබා ගත් බවත්, රක්නා ලංකා සමාගම එම අවිවලට ගෙවිය යුතු මුදල් ගෙවා නැති බවත්, විශ්‍රාමික මේජර් ජනරාල් විජේකෝන් බණ්ඩාර පැවසීයැයි කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.
එහි තිබී ටීපනස් අය රයිෆල් 44ක්, එස් 84 අවි 35ක්, සැහැල්ලු මැෂින් තුවක්කු 32ක්, බෝර 12 තුවක්කු 29ක් හා තුවක්කු 10ක් (මුළු ගණන 151) හමු විය.
එහෙත් රක්නා ලංකා අවි ගබඩාවේ භාණ්ඩ ලැයිස්තුව අනුව ටීපනස් හය රයිඨල් 2300ක්, එස් 84 අවි 670ක්, සැහැල්ලු මැෂින් තුවක්කු 385ක් (මුළු ගණන 3473) තිබිය යුතු බව පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙම ගබඩාවේ අවි පොලිස් විශේෂ කාර්ය බළකායට හා වෙනත් ආරක්ෂක අංශවලට නිකුත් කළ බව රක්නා ලංකා අධ්‍යක්ෂ පැවසූ බව ද පොලිසිය අධිකරණයට දැන්වීය. ඒ සම්බන්ධයෙන් තවත් වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට නියෝග කළේය.
විභාගය ලබන 23 වැනි දාට කල් තැබිණි.

