රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් බව ආයුධ ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද විවෘත කැරිණි.
සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ගොඩනැගිල්ලක දෙවැනි මහලේ මෙම ගබඩාව තිබිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ සෝදිසි වරෙන්තුවක් අනුව කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා ඇතුළු පිරිසක් සීල් තබා තිබූ එම කාමරය විවෘත කළහ.
පෙරවරු 10ට අවි ගබඩාව විවෘත කිරීමට නියමිතව තිබුණත් ආරක්ෂක අමාත්‍යංශ නිලධාරියා නොපැමිණීම නිසා පොලිස් නිලධාරීන්ට මාධ්‍යවේදීන්ට පැය එකහමාරක් පමණ එහි ගත කරන්නට සිදු විය.
එය විවෘත කරන ස්ථානායට රක්නා ලංකා ආරක්ෂක සේවයේ ප්‍රධානීහු කිහිප දෙනෙක් ද සහභාගී වූහ. ටී පනස් හය අවි සහ අවි ඇතැයි සැකකරන පෙට්ටි එහි විය.
උසස් පොලිස් නිලධාරියකු කීවේ සියලු අවි ගණන් කර ඒ ගැන පසුව විස්තරයක් ලබා දෙන බවයි.
එම ආරක්ෂක සේවයේ අවි ගබඩාවේ අවිවල අඩුවක් ඇති බවට කුරුදුවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. ජනපතිවරණ සමයේ බෙදා දීම සඳහා ගෙන ආ නොයෙකුත් භාණ්ඩද තිබිය හැකි බව පොලීසිය අධිකරණයට දැන්වීය.










