රංජන්ගෙන් දෙපැයක් ප්‍රශ්න කරති


දෙරණ රූපවාහිණී නාලිකාවේ  වාද පිටියේදී  මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජන් රාමනායක මහතාගෙන්  ප්‍රශ්න කිරීමේදී තමන් එම සිද්ධියට සම්බන්ධ නැතැයි මිරිහාන පොලිසියේ විශේෂ විමර්ශණ ඒකකයට දෙපැයක කට උත්තරයක් දී ඇතැයි දැනගන්නට ඇත.

එහෙත් වැඩ සටහන ආරම්භ වීමට පෙර ඔහු දෙරණ නාලිකාවට කතා කළැයි තොරතුරු පොලිසියට වාර්තා වී ඇතැයිද පැවසේ.