රංගේ බණ්ඩාරටත් ඇප


එකලස් කළ ජිප් රථයක් නිර්ව්‍යාජ ලෙස ඇගවීම සඳහා නිතීවිරෝධී ලෙස  මොන්ටේරෝ රථයක ලියාපදිංචි සහතිකයක් භාවිතා කිරිමට පෙළඹවීම හා අනුබලදුන්නැයි චෝදනා යටතේ උසාවි කැඳවා සිටි  නලීන්ද ජගත් හා රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාරට ඇප දීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජීනි වීරවර්ධන මහත්මිය අද (16) නියෝග කළාය. 

රුපියල් ලක්ෂ 2 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් ද නියම විය.

නඩුව මාර්තු 18 වැනි දා යළි කැඳවීමට නියමිතය.