සජිත් ප්‍රේමදාස මහතා එක්සත්ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වයට පත් වීම ගැන සතුට පළ කරමින් නගරයේ ඔසවා තිබු කටවුට් පුවරුවක් කරුවලගස්වැව ප්‍රාදේශිය සභාපති විසින් ගලවා ගන්නා ලදැයිද එය ගෙන ඒමට ගිය අවස්ථාවේ ඔහු පහත් ලෙස බැන වැදුණේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රංගේ බණ්ඩාර මහතා කරුවලගස් වැව පොලීසියට පැමිණිලි කළේය.
රංගේ බණ්ඩාර තමාට වෙඩි තබන බව තර්ජනය කළේ යැයි කරුවලගස් වැව ප්‍රාදේශිය සභාපති නීල් වීරසිංහ මහතා පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයට කළ පැමිණිල්ලේ සඳහන්ය.
ඡායාරූප රෝවන් පෙරේරා







