බිඟුන් මේනක ගමගේ
දේශපාලන මතය වෙනස් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතාට අල්ලසක් දීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පැවසීය.
එහි මූලික විමර්ශන සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීමට තමා කටයුතු කරන බව ද රාමනායක මහතා සඳහන් කළේය.
පක්ෂ මාරුව නැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන 19 වැනි සංශෝධනයට ඇතුළත් කර තිබුණත් කාරක සභා අවස්ථාවේදී එම වගන්ති ඉවත් කිරීමට ඇතැම් මන්ත්‍රීවරුන් කටයුතු කළ බව ද මන්ත්‍රීවරයා කීය.
ඉදිරියේදී මෙම නීති සම්පාදනය කිරීමෙන් තොරව මහජන ඡන්දයට වගකියන තත්ත්වයක් නිර්මාණය නොවනු ඇති බව ද රාමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.