රංගන නැවතත් බර කරට ගනී


වේග පන්දු යවන්නන් වෙනුවෙන්ම සැකසූ තණතීරුවකදී දෙවැනි වතාවටත් ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් කඩුලූ දවාගැනීමේ බර කරට ගැනීමට රංගන හේරත් ඉදිරිපත් වීම නිසා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (18 වැනිදා) බංග්ලාදේශ පිල යම් තරමක පීඩනයකට ලක් කිරීමට ශී‍්‍ර ලංකා පිලට හැකි විය. කෙසේ වෙතත් කඩුලූ 8 ක් අතැතිව තිබියදී සිය පළමු ඉනිමේ අවාසිය මකා දැමූ බංග්ලාදේශ පිතිකරුවෝ ඊයේ සවස කී‍්‍රඩාව නතර කරන විට තම කණ්ඩායම, ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 52 ක් ඉදිරියට ගෙන ගියහ.

ශී‍්‍ර ලංකා වේග පන්දු යවන්නන්ගේ දුර්වල තරග රටාව කදිමට නිරාවරණය වූ මෙම තරගයේදී මෙතෙක් බිඳ වැටුණු බංග්ලාදේශ කඩුලූ 14 න් වේග පන්දු යවන්නන් තිදෙනකුට දවාගත හැකිවූයේ කඩුලූ 5 ක් පමණි.

තම වේග පන්දු යවන්නන්ගේ තරම නිවැරදිව වටහාගත් නායක ඇන්ජලෝ මැතිව්ස්, පන්දු යැවීමේ අවස්ථාව රංගන හේරත්ටත් තාවකාලික දග පන්දු යවන්නා වන තිලකරත්න ඩිල්ෂාන්ටත් පවරා නිහඬව සිටියේය.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී වේග පන්දු යවන්නන් තිදෙනකු  ඕවර 24 ක් යවන විට රංගන හේරත්  ඕවර 23 ක් සහ ඩිල්ෂාන්  ඕවර 19 ක් යවා තිබීමෙන් තත්ත්වය හොඳින් වටහාගත හැකිය.

වේග පන්දු යවන්නන්ට කඩුලූ දවාගැනීම කෙසේ වෙතත් අතටම ලැබුණු උඩපන්දු පවා රැකගත නොහැකි වූ අතර ජහුරුල් ඉස්ලාම් ලකුණු 12 ක් ලබා සිටියදී දුන් පහසු උඩපන්දුව, පන්දු යැවූ සුරංග ලක්මාල්ට රැකගත හැකිවූයේ නම් බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 26 දී දවාගත හැකිව තිබිණ.

මොමිනුල් හක් ලකුණු 30 ක් ලබා සිටියදී රංගන හේරත්ගේ පන්දුවකට දුන් උඩපන්දුවක් නුවන් කුලසේකර අතින් ගිළිහී ගිය අතර මුෂ්ෆිකුර් රහීම් ලකුණු 7 ක් ලබා සිටියදී හේරත්ගේම පන්දුවකට දුන් උඩපන්දුවද ස්ලිප් හි සිටි ඇන්ජලෝ මැතිව්ස් අතින් ගිළිහී ගියේය.

පිට පිටම  ඕවර දෙකකදී මෙම උඩපන්දු ගිළිහී  යාම නිසා ලකුණු 6 ක් තුළදී කඩුලූ දෙකක් දවාගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට අහිමි විය. කුලසේකර සහ මැතිව්ස් දෙදෙනාට ලැබුණු උඩපන්දු රැකගනු ලැබුයේ නම් ඊයේ දිනය අවසන් වන විට බංග්ලාදේශ ඉනිමේ වාසිය ලකුණු 52 කට සීමා කරමින් කඩුලූ 6 ක් දවාගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට තිබිණ.

බංග්ලාදේශය වෙනුවෙන් අගනා ඉනිමක් කී‍්‍රඩා කළ ටමීම් ඉක්බාල් පන්දු 107 කට මුහුණ දෙමින් ලකුණු 59 ක් රැස්කළේ සිය ආරම්භක පිතිකරු සගයා වන ජහුරුල් ඉස්ලාම් සමග පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක්ද ගොඩනගමිනි. මෙම සම්බන්ධතාව නිසා බංග්ලාදේශ පිල අපේක්‍ෂා නොකළ අයුරින් ඉදිරියට පැමිණි නමුත් ඊයේ තේ පානයෙන් පසු රංගන හේරත් විසින්  ඕවර 9 කදී ලකුණු 13 ක් පමණක් දෙමින් කඩුලූ 3 ක් දවාගැනීම නිසා බංග්ලාදේශ පිල නැවතත් පීඩනයට නතු කිරීමට ශී‍්‍ර ලංක පිලට හැකි විය.

අද තරගයේ සිවුවැනි දිනයයි.