( නිමන්ති රණසිංහ )
‘ජනාධිපතිතුමාට කියන්න අපිත් කුඩු අල්ලලා, වෙඩි කාලා ඇතුලේ ඉන්නේ කියලා‘ යැයි වැලිකඩ රැදවියන් ඝාතනය වීමේ අදාල සිද්ධියට අදාලව රක්ෂිත බාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද(18) අලුත් කඩේ අධිකරණය ඉදිරියේදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාල නඩුව අද අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව නඩුව අවසන් වී නැවත සැකකරුවන් බන්ධනාගාරය වෙත රැගෙන යද්දී හිටපු පොලිස් පරීක්ෂකවරයා මෙලෙස ප්‍රකාශ කළේය.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන යන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.