මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින යෝෂිත රාජපක්ෂට සහයෝගය පළ කරමින් අතේ පටියක් බැඳගෙන ක්‍රීඩා කළැයි කියන නාවික හමුදා රග්බි කණ්ඩායමේ සිව් දෙනකුගේ වැඩ තහනම් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලවි මහතා කියයි.
ඔවුන් නාවික හමුදා රග්බි සංචිතයෙන් ඉවත් කර විමර්ශනයක් ද පැවැත්වෙන බව ඔහු සඳහන් කරයි.
ක්‍රීඩකයන් බැඳ සිටි අත් පළඳනාවේ ‘යෝ7‘ ලෙස ඉංග්‍රීසියෙන් සටහන් කර තිබිණි.
(ඡායාරූප ප්‍රදීප් පතිරණ)






