යෝෂිතට - ඩේසිට අධි චෝදනා


උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වත්කම් සන්තකයේ තබා ගත්තේ යැයි මුදල් විසුද්ධිකරණය පනත යටතේ  චෝදනා ලද යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරේස්ට් විත්තිකරුවන්ට අධි චෝදනාපත්‍ර භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ අද සිදු කළේය.

නීතිපතිවරයා ගොනුකළ  නඩුවක් ප්‍රකාරව විත්තිකරුවන් අධිකරණය පෙනී සිටීමෙන් පසුව මෙසේ අධි චෝදනාපත්‍ර භාර දුන්නේය.

රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ  විනිසුරුවරයා  නියෝග කළේය .

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ රුපියල් මිලියනය පනස් නවයකට අධික මුදලක් අයථා ලෙස උපයා ගතිය යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකොට ඇත.