(ගයාන් සූරිය ආරච්චි)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59 මුදල ඔහුගේ මිත්තණිය වන ඩේසි' පොරස්ට් නැමති කාන්තාව සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ඩේසි ෆොරස්ට් නැමති කාන්තාවට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.
එම ගිණුම්වල තිබූ මිලියන 59ක මුදල උපයා ගත් ආකාරය පිළිබඳව ඔප්පු කිරීම සඳහා යෝෂිත රාජපක්‍ෂ මහතා අසමත්වීම හේතුවෙන් ඒ සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
එම විමර්ශනවලදී යෝෂිත රාජපක්‍ෂ මහතා ඔහුගේ මිත්තණිය සමග හවුල් ගිණුමක් වශයෙන් මුදල් තැන්පත් කර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව ඩේසි ෆොරස්ට් නැමැති කාන්තාවද එම විමර්ශනවල සැකකාරියක් ලෙස නම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.