සීඑස්එන් නාලිකාවට අයථා ලෙස මුදල් යෙදවූ බවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ බ්‍රහස්පතින්දා යළි රිමාන්ඩ් කැරිණි. උසාවි නියෝගයෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීහු ඔහුගේ දෑත්වලට මාංචු දමා බන්ධනාගාර බස්රියට නංවා ගනු ලැබූහ.
එහෙත් ඔහුගේ දෑත්වලට මාංචු දමා තිබුණේ යතුරු නොදමමිනි. ඔහුගේ දෑත්වලට මාංචු දමා ගෙනයන ඡායාරූපවල සමීප දසුන් පෙන්වා දී ඇත්තේ යතුරු දමා නොතිබූ මාංචුව එක් අතක අල්ලට තදවී තිබෙන ආකාරයයි.


