‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියේ නායකයන් වෙන්දේසියේදී ශ්‍රී ලංකා රග්බි පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ රුපියල් මිලියන 11 කට හෙවත් රුපියල් ලක්‍ෂ 110 කට බස්නාහිර වෝරියස් පිල මිලදී ගෙන තිබේ.
මෙවර කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ නායක වෙන්දේසිය තරගාවලියේ සභාපති නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ලක්‍ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබදතා පුහුණු ආයතනයේදී ඊයේ (22) පැවැත්විණි.
විදේශිය ක‍්‍රීඩකයන් 40 ක් පමණ සහභාගි වන මෙවර තරගාවලියේ පළමු අදියර ලබන ජූලි මස 27 සහ 28 ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම්කර තිබේ. එහි දෙවැනි අදියර අගෝස්තු මස 4 සහ 5 දෙදින නවීකරණ කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.
නායකයන් වෙන්දේසි වූ ආකාරය
ක‍්‍රීඩකයා කණ්ඩායම මිල
යෝෂිත රාජපක්‍ෂ බස්නාහිර වෝරියස් 11,000,000
ෆාෂීල් මරීජා උතුර ග්ලැඩියේටර්ස් 3,000,000
ශ්‍රීනාත් සූරියබණ්ඩාර දකුණ ශාක්ස් 2,500,000
සෙනාල් ඩයස් නැගෙනහිර ඊගල්ස් 2,500,000
ගයාන් වීරරත්න වයඹ බ්ලැක්ස් 2,000,000
නයිජල් රත්වත්ත මධ්‍යම කිංග්ස් 2,000,000
ප‍්‍රදීප් ලියනගේ උතුරු මැද ටයිපෝන්ස් 1,300,000
සජිත් සාරංග යාපනය චැලෙන්ජර්ස් 800,000
රෝහිත රාජපක්‍ෂ සබරගමුව ස්ටැලියන්ස් 800,000
චාමර දාබරේ ඌව වයිපස් 800,000