යෝෂිත යළි රිමාන්ඩ්


සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවේ සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.

නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අශාන් රවිනාත් ප්‍රනාන්දු, කවිශාන් දිසානායක යන සෙසු පිරිසද 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා සොයුරු නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණ සිටියහ.

 img_65 12

 

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ