හිටපු ජනපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු ලෙස අනුයුක්ත කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචි කියයි.
තමා හිටපු ජනපතිගේ ආරක්ෂකයකු ලෙස අනුයුක්ත කරන ලෙස ඔහු මීට පෙර ඉල්ලා තිබිණි.
යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳුණු ආකාරය හා උසස්වීම් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂක ලේකම්ට පැමිණිලි කර ඇත. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ වී තිබේ.

