හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ආරක්ෂක ලේකම්වරයාට සඳුදා (26) භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ලුතිනන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගත් ආකාරය නීතී විරෝධි බවටත් , ඔහුට බ්‍රිතාන්‍යයේ ඩාට්මන් ආයතනයේ ශිෂ්‍යත්වයක් ලබා දුන් ආකාරය හා විශේෂ වරප්‍රසාද ලබා දී දේශපාලන කටයුතුවලට හා රජයේ නිල කටයුතු සදහා මැදිහත් කැර ගැනීම ආදීය පිළිබඳව සොයා බලන ලෙසටත් ඉල්ලන බවද ජවිපෙ ය කියයි.

