යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මිට සුළු වේලාවකට පෙර කඩුවෙළ අධිකරණයට රැගෙන එන ලදී. අද පස්වරු පහවන විට යෝෂිත ඇතුළු සිව්දෙනාම කඩුවෙළ අධිකරණයට ගෙන එනු ලැබූහ. යෝෂිතගේ බාප්පා කෙනකු වන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ද, නාමල් රාජපක්ෂ සොයුරා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු ද අධිකරණ භූමියට පැමිණ සිටිති.
අධිකරණය අවට එස්.ටී.එෆ්. භට පිරිස් යොදවා ඇති අතර අතිරේක පොලිස් කණ්ඩායම් ද පැමිණ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්ක කරමින් තිබේ.
(ඡායාරූප අනුග්‍රහය - නිවුස් ෆස්ට් සහ යූ.පී.එෆ්.ඒ. අ බ්‍රයිටර් ෆියුචර්)


