අලුත්කඩේ මහාධිකරණයෙන් අද (14) ඇප ලැබූ යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනා මින් මද වේලාවකට පෙර වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කඩුවෙල මහාධිකරණයට ගෙන ගිය අතර ඔවුහු කඩුවෙල උසාවියෙන් ඇප අනුමත කිරීමෙන් පසු නික්ම ගියහ.
හිටපු ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක්ද එහි පැමිණ සිටියහ. මන්ත්‍රී නාමල් රාජපක්ෂද සිය සොයුරා සමග සිටින අයුරු දැකිය හැකි විය.








