ලුතිනන් යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් හිරගෙදරට ගිය පාරේ යන්න තවත් හතර දෙනෙක් ඉන්නවාලු.
යෝෂිත ගේ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (සීඑස්එන්) නාලිකාව දැන් ඔහුගේ නෙවෙයිලු. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් ‘සටන‘ රූපවාහිනී වැඩසටහනේදී යෝෂිතගේ විස්තර හොඳට කිව්වාලු. සීඑස්එන් නාලිකාවේ මුල් බලපත්‍ර හිමියා වන ව්‍යාපාරික ප්‍රභාත් නානායක්කාර සීඑස්එන් නාලිකාව යෝෂිතගේ මව වන ශිරන්ති රාජපක්ෂට විකුණා ඇතැයි එෆ්සීඅයිඩී ආරංචි කියයි.
යෝෂිත රිමාන්ඩ් හිරගෙදරට ගිය පාරේ යන්නට සිටින අය අතර ඇමැතිවරයකුද වෙතියි කියති.
කොළඹ කොටුවේද රාජගිරියේද මෙම බැංකුකරු වැඩකළ බව කියති. හිටපු ඇමැතිවරයා ගේ මුඛරි කථා මේ දිනවල අසන්නට නැතිලු. ඔහුගේ කට ඉබේම ලොක් වෙලාලු. ඔහුද ඔහුගේ බිරියද සීඑස්එන් සිද්ධියේ චෝදනා ලබන අය අතර සිටිනවාලු.

