යෝෂිත ඇතුළු පිරිස රිමාන්ඩ්


යෝෂිත රජපක්ෂ ඇතුළු පස්දෙනා කඩුවෙළ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද සන්ධ්‍යාවේ දින 14ට රිමාන්ඩ් කරනු ලැබූහ. සී.එස්.එන්. ක්‍රීඩා නාලිකාව මගින් රජයේ දේපළ වංචා කිරීම ඇතුළු චෝදනා රැසක් මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඔවුහු අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

යෝෂිත රාජපක්ෂ සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරු වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අෂාන් රවිනාත් ප්‍ර‍නාන්දු හා කවීෂාන් දිසානායක මෙලෙස රිමාන්ඩ් කරනු ලැබීය. මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ පොලිසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

යෝෂිත ඇතුළ පස් දෙනා නීති විරෝධී ලෙස ලැබුණූ රුපියල් කෝටි 36.5 ක් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය පිහිටුවීම සඳහා යොදා ගත්තැයි මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය පවසයි. නීති විරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල මුදල් බවට පත් කර ගඅනීම සඳහා එසේ ආයෝජනය කර ඇති බවත් පෙිලීසිය අධිකරණයට දැන්වීය.

සාපරාදී ලෙස විශ්වාසය කඩ කිරීම, කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය වෙනුවෙන් ආනයනය කළ භාණ්ඩ මිල අඩුවෙන් දැක්වීම  ඔවුනට එරෙහි තවත් චෝදනාවකි. මූල්‍ය අපරාද විමර්ෂණ කොට්ඨාශය අධිකරණයට පෙන්වා සිටියේ  කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්හි හෙළි නොකළ බැංකු ගිණුමෙන් රුපියල් කෝටි 16.5 ක් සොයා ගත් බවයි.

සී.එස්.එන්. නාලිකාවට නීති විරෝධී පිටරට මූලාශ්‍ර වලින් මුදල් ලැබී ඇතැයි ද එතෙර බැංකු වල මුදල් ශ්‍රී ලංකාවට එවා ඇතැයි ද කියති

1 2 4 5 Sequence-01