යෝෂිත ඇතුළු පස්දෙනෙක් කඩුවෙළ උසාවියට


හිටපු ජනාධිති පුත් යෝෂිත රාජපක්ෂ, සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරු වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, ජේ.ටී.එස්.ප්‍ර‍නාන්දු හා කවීෂාන් දිසානායක මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් හා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන දැන් කඩුවෙළ උසාවියට රැගෙන යන බව පොලිස් ආරංචි කියයි. සී.එස්.එන්. නාලිකාවේ වංචාවක් සම්බන්ධයෙන් මේ තිදෙනාගෙන් අද මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ප්‍ර‍ශ්න කළේය. ප්‍ර‍ශ්න කිරීමෙන් අනතුරුව නාවික හමුදාව භාරයෙන් යෝෂිත ද පොලිසිය භාරයෙන් අනෙක් හතරදෙනා ද කඩුවෙළ මහේස්ත්‍රාත් හමුවට රැගෙන යමින් සිටියි.