භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත් වීම පිටුපස ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කූඨ උපක්‍රමයක් බවත් මෙම පනත පැරැදවීමෙන් රජයේ ඉදිරි ගමනට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසිය.
මෙය පරාජය වීමෙන් දුප්පත් ජනතාවගේ ආර්ථිකයට බලපෑමක් විය හැකි බවත් ඊට වගකිව යුත්තේ මීට විරුද්ධව ඡන්දය දුන් විපක්ෂයේ මන්ත්‍රීන් බවත් පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ජනතාවට සහන සැලැසීමේ වැඩපිළිවෙල නතර නොකරන බවයි.

