යෝග ඇබෑසිය ගහ උඩට යයි


ඉන්දියාවේ මහරස්ට ප්‍රාන්තයට අයත් නෙරල් ග්‍රාමයට අප ගියේ සුන්දර සගුනා උද්‍යානය දැකබලා ගැනීම සදහායි. එහිදී නොයෙක් සුන්දර දේ අප දැකගත්තත් අප කැමරා කාචයේ සටහන් වූ මෙම ඡායාරුප පෙළ හැඩ කළ කුඩා දරුවන් පිරිස සැබෑම දක්‍ෂයෝය.

ගසක ගැට ගැසූ  කඹයක හා  කෙලින් අතට හිට වූ කොටයක ආදාරයෙන් යෝග අභ්‍යාස කරන විට ඒ දෙස නරඹන්නෝ විශ්මයෙන් බලා සිටිති. ඉන්දිය කාන්තා කබඩි කණ්ඩායමේ හිටපු පුහුණු කරු හේමන්ත ගවුදේ මහතා මෙම කුඩා දරුවන්ගේ පුහුණුකරුය.

‘ඇත්තෙන්ම මගේ මේ පොඩි දරුවන් ජාතික මට්ටමේ දක්ෂයෝ. ඔවුන් ලෝකය දිනය දිනත් වැඩි ඈතක නොවේ. ඒ දක්ෂතාවය ඔවුන්ට තියෙනවා. ‘‘   හේමන්ත ලවුදේ  එසේ කීවේය.

chaminda-madawala-2015-nov-23-01 chaminda-madawala-2015-nov-23-02 chaminda-madawala-2015-nov-23-03 IMG_5284 IMG_5285