යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය අද (10) රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 661කදී පැවැත්වේ.
අද පෙරවරු 7ට ආරම්භ වූ ඡන්දය පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතය.
යෞවන සමාජවලින් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයින් ගණන 916කි.
රට පුරා සිටින යෞවන සමාජවල සාමාජික සාමාජිකාවන් වන ඡන්ද දායකයන් ගණන තුන් ලක්ෂ හතළිස් දහසකි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සංවිධානය කර ඇත.
අපේක්ෂකයින් අතුරින් 225 දෙනකු යොවුන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගැනීමට නියමිතය.
ඡායාරූප - දීපාල් ද සිල්වා





