යොවුන් මිතුරු නැව යළි ලංකාවේ


ලොව පුරා යෞවන යෞවනියන් අතර මිත‍්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින් වසරක් පාසා විවිධ රටවල තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් ලොව රටවල් රැසක සංචාරය කරන නිපෝන් මාරු ලෝක තරුණ නෞකාව අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රීලංකාව නියෝජනය කරමින් තරුණ තරුණියන් 12 දෙනෙකු මෙවර සංචාරය සඳහා එක්ව සිටින අතර ජපානය, බහරේන්, චිලී, මෙක්සිකෝව, නවසීලන්තය, රුසියාව, ටැන්සානියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය,  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව යන රටවල් නියෝජනය කරමින් තරුණ තරුණියන් 243 දෙනෙකු මෙවර නිපෝන් මාරු සමග ලොව වටා සංචාරය කරන පිරිසට අයත්ය.

28 වැනි වරට නෞකාව සිය සංචාරයේ යෙදෙන්නේ වන අතර, ජපානයේ යොගෝහමා වරායෙන් පසුගිය ජනවාරි 28 වැනිදා මෙම සංචාරය ආරම්භ කර ඇත.

DSC_6622 DSC_6649 DSC_6656 RDS_8184 RDS_8198 RDS_8207 RDS_8227 RDS_8245